මාලිමාණ්ඩුවේ ලොකුම බොරුව අනුර ජනාධිපති බව කියා පාක්ෂිකයන් රැවටීමයි..! – දිලිත් ජයවීර….

February 12, 2025 at 3:18 pm | by emanisa.lk

දේශපාලන ප්‍රස්තාරයේ බොරු කීම ඉහළටම ගෙනාවේ මාලිමා පාලනය බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

එහෙත් මේ බොරු අතර ලොකුම බොරුව අනුර ජනාධිපති යැයි පාක්ෂිකයන් සිතා සිටීම බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා ගත් කවර තීන්දුවකින් තඹුත්තේගම නිර්ධන පාන්ති හැඟීම ජනතාවට දැනෙන්නේ දැයි දිලිත් ජයවීර ප්‍රශ්න කරයි.

අපේ මිනිහෙක් ජනාධිපති වූයේ යැයි ජනතාවට දැනෙන්නේ මේසේට තදින් ගසා සහල් රු. 10කින් ඉහළ නැංවීම නිසා ද නැතහොත් චූටි කාර් මිල තුන් ගුණයකින් නැංවීම නිසා දැයි ඔහු විමසයි.

මේ දරාගත නොහැකි නිහඬ බව තුළ කෙතරම් දුරට බටහිර පාලකයන් සිටින්නේ ද අපේ ස්වෛරීත්වය අපෙන් උදුර ගෙන ද පාලකයන් තීන්දු ගන්නේ අපේ රට වෙනුවෙන් ද වෙන රටක් වෙනුවෙන් ද යන්න අද කල්පනා කොට බැලිය යුතු බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මාතලේ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එකතු වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *