මහින්දගේ ආරක්ෂාව අඩු කරන්න කියන කිසිම බුද්ධි වාර්තාවක් නෑ… ඇත්නම් ශ්‍රේෂ්ඨාධීකරණයට ඉදිරිපත් කරනු…!

February 11, 2025 at 6:48 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කිරීමට සුදුසු බවට කිසිම බුද්ධි වාර්තාවක් නැති බවත් තිබේ නම් එම වාර්තා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංවිධානය පවසයි.

මාධ්‍යට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂිත කලාපයෙන් ඔහු ඉවත් කිරීමට සූදානම් වන්නේ එතුමා කාගේ හෝ ගොදුරකට හසු කරගැනීමට ද යන්න පිළිබඳ බලවත් සැකයක් මතුවන බවයි.

එසේම එලෙස ඉවත් කිරීමක් සිදු කරනවා නම් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා විසඳුම් තිබිය යුතු බවත් ඔවුහු අවධාරණය කරති.

රටේ ජනතාව අතර නැවතත් ලේ වැගරීම් ගැටුම් ඇති කිරීමට කටයුතු නොකරන ලෙසත් නීතියට අනුව කටයුතු නොකරන්නේ නම් ඒවායේ ප්‍රතිඵල වත්මන් ආණ්ඩුවටම භුක්ති විඳීමට සිදුවන බවත් ඔවුහු පවසයි.

එබැවින් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොතකා තීන්දු තීරණ නොගන්නා ලෙසට ඉල්ලා සිටින බවත් එතුමාගේ ජීවිත ආරක්ෂාවට හානියක් සිදුවුවහොත් එම තීන්දු තීරණවලට අත්සන් තබන සියලු නිලධාරීන්ට වගකීමට සිදුවිය හැකි බවත් නීතීඥ සංවිධානය අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *