රජයේ ගබඩා විවෘත කර දින 04යි… ගොවියෝ වී ඇටයක් නොදේ…!

February 11, 2025 at 9:37 am | by emanisa.lk

වෙළඳපොළේ තෙත වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 110-115ත් අතර දක්වා ඉහළ ගොස් තිබේ.
ගොවීන් බොහෝ දෙනකු මේ හේතුවෙන් තෙත වී වැඩි මිලට අලෙවි කරමින් සිටිති.

තෙත වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 95 දක්වා පසුගිය දිනවල අඩු වී තිබිණි.

වියළි වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 125 – 130 ත් අතර මිලකට මේ දිනවල අලෙවි කෙරේ.

මේ අතර රජය විසින් වී මිලට ගැනීම ආරම්භ කර දින හතරක් ගත වුව ද මේ වන තෙක් ගොවීන් රජයට වී අලෙවි කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *