ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරංජිගේ මහතා සඳහන් කරන්නේ ජපාන ඇක්වා රථයක මිල ලක්ෂ 135 ඉක්මවනු ඇති බවයි.
හොන්ඩා වෙසල් රථයක් ලක්ෂ දෙසීය ඉක්මවනු ඇති බවත් ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 75 ඉක්මවනු ඇති බවත් ඔහු පවසයි.
ජපාන වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 90ක් පමණ වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.