ගොවියෝ මාලිමාවට ඡන්දේ දුන්නට අඩුවට වී දෙන්නේ නෑ… සැප්තැම්බර් ආයෙමත් හාල් රටින් ගේන්න වෙනවා…!

February 8, 2025 at 4:38 pm | by emanisa.lk

ගොවි ජනතාව මාලිමාවට ඡන්දේ දුන්න ද අඩු මිලට වී වී අලෙවි මණ්ඩලයට ලබා නොදෙන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පවසයි.

“ඉදිරි සති දෙකේ දී නාඩු වී කිලෝවක මිල රු. 120න් පහළට ආවේ නැත්නම් ආණ්ඩුවේ පාලන මිල යටතේ නියම ප්‍රමිතියේ සහල් ලබා දෙන්න බෑ. ඒ වගේ ම සැප්තැම්බර් ඔක්තෝබර් වෙන කොට ආණ්ඩුවට ආයෙමත් හාල් ගේන්න වෙනවා.

ඉතිහාසේ ලොකුම ජනවරම ගත් ආණ්ඩුව හිතනවා, ගොවියෝ මාලිමාවට ඡන්දේ දුන්නා වගේ වී ටිකත් වී අලෙවි මණ්ඩලේට දෙයි කියලා. ගොවියෝ මාලිමාවට ඡන්දේ දුන්නාට අඩුවට වී ටික වී අලෙවි මණ්ඩලේට දෙන්න පිස්සුවක් නෑ.

නිෂ්පාදන වියදමට 30%ක් එකතු කරලා වීවලට මිල නියම කළ කතාව බොරුවක්. ආණ්ඩුව නියම කළ හාල් මිලට දෙන්න පුළුවන් උපරිම මිල ගණනය කරන්න කියලා තමයි, නිලධාරීන්ට කීවේ. වීවලට මේ මිල මදියි. මාස ගාණක් දුක් විඳින ගොවියාට හාල් කිලෝ එකක් විකුණලා පොල් බෑයයි ගන්න පුළුවන්. වී කිලෝවට රු. 130ක් ඉල්ලලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොළොන්නරුවේ පෙළපාලි ගියේ 2023 අගෝස්තු 15 වෙනිදා. අපිත් ඒකේ නාමල් කරුණාරත්නලා එක්ක ළඟින් වැඩ කළා.”

you tube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් මුදිත පෙරේරා මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *