ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් ගිනිතබා විනාශ කළේ, වසර 50-60කට පෙර සිය දෙමාපියන් විසින් දුක් මහන්සියෙන් ගොඩනැඟූ නිවස බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.
එහි දී සිය මවගේ සියලු රත්තරන් බඩු කොල්ලකෑ බවත් වටිනා ලිපි ලේඛන, ඡායාරූප, ගෘහභාණ්ඩ ඇතුළු සියල්ල ගිනිබත් වූ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
නිවස නැවත ගොඩනැඟීමට සහ අදාළ උපකරණ ගැනීමට වැය වූ මුදල්වලට අදාළ සියලු බිල්පත් තමන් ඉදිරිපත් කළ ද වන්දි ලෙස ලැබී ඇත්තේ අදාළ වියදමින් 1/3ක් පමණක් බව ද චන්දිම වීරක්කොඩි පෙන්වා දෙයි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් වෛරය වපුරුවා ගොඩනැඟූ රැල්ල ආපසු හැරී අනාගතයේ දවසක නලින්ද ජයතිස්සගේ නිවසේ ගිනි තැබුවහොත් එය නැවත ගොඩනඟන්නේ නැතිව ගසක් යට සිටින්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.
ජනතාවට රට හමුවේ ඇති සැබෑ ප්‍රශ්න අමතක කරවීමට නැවත වෛරය වැපිරීම සිදු නොකර සිය නිවාස අලුත්වැඩියාවට වියදම් වූ මුදල නැවත තක්සේරු කරන ලෙස අදාළ මුදල ලබා දීම ප්‍රමාණවත් බව ද චන්දිම වීරක්කොඩි අවධාරණය කරයි.