ආණ්ඩුව රිලා කරදරේ විසඳන්න වැඩට බහී.. මුලින්ම දීප ව්‍යාප්ත රිලා සංගනනයක්…!

February 5, 2025 at 9:56 am | by emanisa.lk

රටම ආවරණය වන පරිදි රිළා සංගණනයක් සිදු කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත.

මෙම සංගණනය පෙබරවාරි 15 හෝ 22 දින දෙකෙන් එකක සිදු කිරීමට නියමිත අතර එම සතුන්ගෙන් පොල් වගාවට වන හානියට පිළියම් සෙවීමේ අරමුණෙන් මේ සංගණනය සිදු කරන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි මහතා පවසයි.

ජාතික ආර්ථිකයට සැලකිය යුතු ලෙස බලපෑමක් එල්ල කරන රිළවුන් හේතුවෙන් 2024 වසරේදී පොල් ගෙඩි මිලියන ගණනක් විනාශ වූ බවට මෑත කාලීනව පළවූ වාර්තා හේතුවෙන් මෙම සංගණනයේ හදිසි අවශ්‍යතාව මතුව ඇතැයි ද හෙතෙම කියයි.

මෙම බරපතළ ගැටලුවට ප්‍රතිචාර වශයෙන්, වැවිලි කර්මාන්ත, පරිසර හා කෘෂිකර්ම අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු බහුවිධ රාජ්‍ය ආයතන එක්ව සංගණනයේ සාර්ථකත්වය සඳහා සහයෝගයෙන් කටයුතු කරන බව ද ඔහු පෙන්වා දෙයි.

රිළා ගහනය කළමනාකරණය කිරීම සහ පොල් වගාවට එම සතුන්ගෙන් එල්ල වන බලපෑම අවම කිරීම අරමුණු කරගත් ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි මෙම සංගණනය හරහා නිවැරදි දත්ත එක්රැස් කිරීමේ හැකියාව පවතින බව ද ආචාර්ය ජයකොඩි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *