ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන්ම බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබූ රටක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ජාතන්තර වශයෙන් ණය ගැනීම ද නොහැකි තත්ත්වයට පත්ව ණයවර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකි රටක් බවත් හෙතෙම සඳහන් කරයි.
ණයවර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකිව වරායේ තෙල් නැවු පෝලිමක් ඇතිවී තිබියදී තත්ත්වයක්ද තිබූ බව ද හෙතෙම කියා සිටියි.
ජනතාව පාරේ පෝලිමේ සිටියදී නැව් පෝලිම මුහුදේ තිබූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.
එවන් විශාල ආර්ථික අර්බුදයක් මැද රට භාරගන්න ලද තම කණ්ඩායමේ ද කැබිනට් අමාත්‍ය ධුර සම්බන්ධයෙන් අත්දැකීම් ඇති පිරිසි සිටියේ හය දෙනෙක් පමණක් බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.
දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.