වොයිස් කට් පිළිතුරුවලින් මඟහරින්නේ නැතිව බහලුම් 323ක් රේගුවෙන් නිදහස් කිරීම ඇතුළු ප්‍රශ්න 6 කට වහා පිළිතුරු දී රජයේ පතිවත රැකගන්නා ලෙස නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම ලිපියක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
බහලුම්හි අඩංගු ද්‍රව්‍ය පිළිබඳව ආනයනකරුවන් ඉදිරිපත් කළ ලේඛන (Cusdec Papers) සහ අනෙකුත් ලියැකියවිලි අනුව, ආනයනය කර ඇති භාණ්ඩ මොනවාද?
කුමන විදේශීය රටක සිට මෙම බහලුම් ආනයනය කර ඇත්ද සහ අදාළ ඇනවුම් ලබාදී ඇති දින වකවානු කවරේද?
අදාළ ආනයනකරුවන් විසින් මෙම බහලුම් නිෂ්කාශනය සඳහා නම් කර තිබූ වාප්පු ලිපිකරුවන් (Wharf Clerk) කවුරුන්ද?
පරීක්ෂාවකින් තොරව මෙම බහලුම් පිටමං කිරීම සඳහා ලිඛිතව අවසර දුන් රේගු නිලධාරීන් කවුද? හෝ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන ආකාරයට මෙම බහලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා අවසර දුන් පරීක්ෂක මණ්ඩලයක් (Expert Panel) වේ නම් එය සමන්විත වූ නිලධාරීන් කවුද?
පැවසෙන පරිදි සියුම් තාක්ෂණික පරීක්ෂණයකින් (Scanning Process) අනතුරුව මේවා නිදහස් කළේ නම්, දෙපාර්තමේන්තුවේ ගෞරවය හා පාරදෘශ්‍යභාවය වෙනුවෙන් එහි තාක්ෂණික පිටපත් ඉදිරිපත් නොකරන්නේ මන්ද?
2019 වසරේ දී මීට සමානව, පරීක්ෂාවකින් තොරව රට තුළට පැමිණි බවට චූදිත අපද්‍රව්‍ය බහලුම් එකසිය දෙකක් (102) පිළිබඳව, වත්මන් ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස මතු කළ ප්‍රශ්න (27/2) ද, අඳුරේදී කෙඳිරි ගාන ඇතැම් බලධාරීන්ට අත්වැලක් වේ යැයි විශ්වාසයෙන් ප්‍රශ්න කරන බව ද එහි දැක්වේ.