ජනපති උතුරට ගුවනින් ගිය කතා බොරු… ගියේ නිල මෝටර් රථයෙන්….! – ආරක්ෂක අමාත්‍යංශය….

February 3, 2025 at 11:28 am | by emanisa.lk

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිත කළ බවට සංසරණය වන පුවත අසත්‍යයක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඒ සඳහා ගුවන් යානා තුනක් භාවිත කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි.

එම සංචාරය සඳහා ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිත නොකළ බවත්, එතුමා සිය නිල මෝටර් රථයෙන් යාපනයට ගමන් කළ බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *