වසර ගණනාවකට පසු අද (01) සිට පෞද්ගලික භාවිතය සඳහා වාහන ආනයනය සඳහා අවස්ථාව ලබා දෙන බව ජනාධිති අනුර දිසානායක පවසයි.
කෙසේ වුව ද එම තීන්දුව ඉතාම පරිස්සමින් ගත්තේ එකවර සියලු දෙනා වාහන ආනයනය සඳහා කටයුතු කළහොත් ඩොලරය සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් නැවතත් අර්බුදයක් ඇති විය හැකි නිසා බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඩොලරය අගය ඉහළ ගොස් ඇති නිසා වාහන මිල කොහොමත් ඉහළ යන බවත් අමතරව බදු කිහිපයක් ද පනවා ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
ආරම්භයේ දී වාහන මිල ඉහළ ගිය ද කාලයක් යන විට මිල අඩු කිරීමේ බලාපොරොත්තුවක් ද ඇතැයි ජනාධිපති අනුර දිසානායක සඳහන් කළේ ජනහමුවක් අමතමිනි.