ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව බීබීසී සිංහල සේවය වාර්ථා කරයි.
මෙම ආයතනය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා යටතේ පවතී.
ඉල්ලා අස්වූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත තමා ධූරයෙන් ඉල්ලා අස්වූ බවය. 2024 ඔක්තෝම්බර් මස 11 දින එම මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වැඩ භාරගෙන ඇත.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට සම්බන්ධ වීමට පෙර වෛද්‍ය රුවන් විජයමුණි කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස ද සේවය කළේ ය.
කොවිඩ් වසංගත කාල සීමාව තුළ මෙන් ම ඩෙංගු වසංගතය පාලනය සඳහාත් ඔහු ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ පරිපාලන නිලධාරියෙකි.