ජපක්ෂලා පමණක් නොව සියලු ම හොරු එකෙක් නෑර අල්ලන බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
හොරුන්ට එරෙහිව ආණ්ඩුව කටයුතු කරන විට සජිත්, නාමල්, වීරවංශ ආදී සියලු පාර්ශ්ව හොරු රැකීම සඳහා එකතු වී ඇතැයි ද ඇමතිවරයා චෝදනා කරයි.
එලෙස හොරු රකින අතර රේගු දෙපාර්තමේන්තුව නිදහස් කළ කන්ටේනර්වල රත්තරන් තිබුණේ යැයි චෝදනා නඟන බව ද එහි එක්පෝලංකා ආයතනයට අයත් කිසිදු කන්ටේනරයක් නොතිබූ බව රේගුව තහවුරු කර ඇතැයි ද බිමල් රත්නායක අවධාරණය කරයි.
එසේ යම් නීති විරෝධී දෙයක් සිදුව ඇත්නම් පැමිණිලි කරන ලෙස තමන් අභියෝග කරන බව ද හෙතෙම සඳහන් කරයි.