මහින්දගේ විජේරාම නිල නිවසේ සත්දින පිරිත් සජ්ඣායනයක්…!

January 29, 2025 at 5:43 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම නිල නිවසේ සත් දින පිරිත් සජ්ඣායන පිංකමක් ආරම්භ කර තිබේ.

මෙම පිරිත්කම සඳහා ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක අතිගෞරවණීය වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ හා ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාලිකාවේ සභාපති, පූජ්‍යපාද බොරලන්දේ වජිරඤාණ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමවා තිබේ.

මෙම පිංකම මෙහෙයවමින් සම්බන්ධන වන මහා සංඝරත්නයට සහ ඊට දායක වන පිරිසට ස්තූති කරමින් හිටපු ජනාධිපතිවරයා ෆේස්බුක් සටහනක් තබා තිබේ.

මෙම පිංකම ආරම්භ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට වහාම එම නිවසින් ඉවත් වන ලෙස ආණ්ඩුව බලපෑම් කරන පසුබිමක වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *