හොර ඉංජිනේරු මන්ත්‍රීට එංගලන්ත වැඩමුළුවට වීසා නොදෙයි…!

January 29, 2025 at 12:45 pm | by emanisa.lk

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ එක්සත් රාජධානී ශාඛාව විසින් සංවිධානය කරන “AI in Security” වැඩමුළුව සඳහා ආණ්ඩුව යෝජනා කළ මන්ත්‍රීවරයාට වීසා ලබා නොදීමට එංගලන්තය පියවර ගෙන තිබේ.

එම සමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර කරන අතර මෙවර ද ලංකාවේ නියෝජිතයන් දෙදෙනෙකුට අවස්ථාව ලැබී තිබේ.

ඒ සඳහා විපක්ෂයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, පරිගණක ඉංජිනේරු චතුර ගලප්පත්ති යෝජනා කර ඇති අතර ඔහු මේ වන විට එංගලන්තයට ගොස් තිබේ. ආණ්ඩු පක්ෂය මෙම අවස්ථාව පරිගණක ඉංජිනේරුවෙකු බව පවසමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකු යෝජනා කර ඇත.

කෙසේ වුව ද ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් ලබා දෙන මෙම පුහුණුව සඳහා අදාළ මන්ත්‍රීවරයා එකතු කර ගැනීම එම සංගමය ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීමට අසමත් වීම බව වාර්තා වෙයි. මොහුගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස අපොස සාපෙළ හෝ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් නොවන බව දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *