රතු කැකුළු ප්‍රශ්නෙත් විසඳන්න මේ කන්නේ ගොයම් කපන කල් ඉන්න වෙනවා..!

January 28, 2025 at 6:27 pm | by emanisa.lk

කවුරු යෝජනා ඉදිරිපත් කළත් සහල් මිල පාලනය ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

දැනට ගැටලුවක් මතුව ඇත්තේ රතු සහල් සඳහා බවත් එය විසඳීමට මේ කන්නයේ ගොයම් කැපෙන තුරු සිටිය යුතු බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මෙවර මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක රතු කැකුළු අස්වැන්නක් බලාපොරොත්තු වන බවත් ඉදිරි සති දෙක ඇතුළත රතු කැකුළු ප්‍රශ්නය විසඳෙනු ඇති බවත් ඇමති නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *