වී කිලෝවට රු. 150ක් දෙන්න කියලා මම කවදාවත් කීවේ නෑ..! – නාමල් කරුණාරත්න…

January 28, 2025 at 10:39 am | by emanisa.lk

වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් ලබාදිය යුතුය යුතු යැයි තමන් කිසිදා පවසා නැතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි.

තමන් දිගටම පෙනී සිටි මතය වූයේ වී නිෂ්පාදන පිරිවැය සහ ඉන් සියයට තිහක මුදලක් එකතුකර වී කිලෝවක් සඳහා මිල නියම කළ යුතු බව යයි ද හෙතෙම අවධාරණය කරයි.

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 100ක් වන විට ඊට සියයට තිහක් එකතු කොට වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් නියම කළ යුතු බව තමන් ප්‍රකාශ කළ බව ද හෙතෙම කියා සිටියේය.

ඊයේ (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *