මාලිමාණ්ඩුව රට බංකොලොත්භාවයෙන් මුදාගත් කතාව බොරු… අවුරුදු සීයක් ආණ්ඩු කළත් කමක් නෑ, මේ විදිහට බොරු කියන්න එපා…!

January 28, 2025 at 10:33 am | by emanisa.lk

බංකොලොත්වු රට මාස දෙකෙන් බංකොලෙත්භාවයෙන් මේ ආණ්ඩුව මුදා ගත් බව පැවසීම පට්ටපල් බොරුවක් බව සමස්ත ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණෙ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි පවසයි.

“මේ ආණ්ඩුවේ බොහෝ පිරිසක් මේ වන විට බොරු කියන්නේ. මේ ආණ්ඩුවේ පිරිසක් කියනවා බංකොලොත්වුණ රට මේ අය මාස දෙකෙන් බේරා ගත්තා කියලා. මේක කොච්චර බොරුවක්ද මේයට අවුරුදු දෙකකට පමන පෙරදි මේ රට බංකොලොත්වුණ වෙලාවේ මේ රට බාර ගන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාටත් අනුර කුමාර දිසානායක මහතාටත් කිවත් ඒ අය මේ රට බාර ගත්තේ නැහැ.

එත් රනිල් වික්‍රමසිංහ මහතා එදා රට බාර ගෙන අපේ රටේ ජනතාවට හොඳ දෙයක් කරපු කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඔහු පෝලිම් නැති කරලා තෙල් ගෙනල්ලා ඩොලර් ගෙනල්ලා බංකොලොත් වුණ රට බේර ගත්තා ඒත් දැන් මේ ආණ්ඩුව කියනවා අපි තමයි මාස දෙකෙන් මේ රට බේරගත්තේ කියලා. මෙය පට්ටපල් බොරුවක්නේ.

අපි මේ ආණ්ඩුවට දොස් කියන්නේ නැහැ. ඒත් බොරු කියන්න එපා. අපි කියන්නේ ජනතාවට සේවය කරන්න කියලායි. අවුරුදු 50ක් නොවෙයි අවුරුදු 100ක් මේ රට පාලනය කලත් අපිට ප්‍රශ්නයක් නැහැ ඒත් බොරු කියන්න එපා”

හැටන්හි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත දක්වමින් ඉලංගෝ ගාන්ධි මෙසේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *