රටේ ජනාධිපතිවරයාට සිය ඇමති මණ්ඩලයේ කුණු හේදීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නේ යැයි දැන සිටි බවට නි. ආරක්ෂක අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය නිවැරදි කිරීමට ජනාධිපතිවරයා අනතුරුව ජනහමු තුනක කතා කළ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
පසුගිය ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පරාජය වුව ද අනතුරුව පැවැති සමුපකාර ඡන්දවලින් පොදුජන පෙරමුණ විශිෂ්ට ජගහ්රහණයක් ලබා ගෙන ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී විශාල වෙනසක් කිරීමට සූදානම් බව ද හෙතෙම සඳහන් කරයි.
එසේ ම එහි දී බලයට පත්ව ඉතාම කෙටි කලකින් පළමු මැතිවරණයම පරාජයට පත් ආණ්ඩුව බවට මාලිමාණ්ඩුව පත්වන බව ද ඩී.වී. චානක අවධාරණය කරයි.