සෑම කන්නයක් ආරම්භයේ ම ඉහළ මිලට වී ගන්නා ව්‍යාපාරිකයන් අනතුරුව ක්‍රමයෙන් මිල පහත හෙළන නිසා සමස්තයක් ලෙස ගොවි ජනතාවට වී සඳහා ලැබෙන්නේ අඩු මිලක් බව කෘෂිකර්ම නි. අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ව්‍යාපාරිකයන් ඉහළ මිලට වී මිල දී ගන්නා අවස්ථාවේ රජය ඒ සඳහා සහිතික මිලක් නියම කළහොත් වී මිල පහත වැටෙන බව ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි.
පසුගිය ආණ්ඩු සමයේ ඊට එරෙහිව විරෝධය ප්‍රකාශ කළ තමන් ගොවි ජනතාව ගැන සිතා ඊට ඉඩ නොතැබීම සඳහා හිතාමතා සහතික මිල නියම කිරීම ප්‍රමාද කරන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
මේ වන විට අමු වී කිලෝව රු. 140 ගණනේ මිල දී ගන්නා බවත් එම විකෘතිය තුළ සහල් කිලෝව රු.300ක පමණ ඉහළ මිලකට යෑමේ තත්ත්වයක් පැවතිය ද ගොවියාට වාසියක් සිදුවන බවත් ඇමති නාමල් කරුණාරත්න පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ ගොවියාට වී සඳහා මිලක් නොමැති ප්‍රශ්නයක් හෝ වී විකුණා ගැනීමේ ගැටලුවක් නොමැති බව ද ඔහු සඳහන් කරයි.
අද (27) විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් නි. ඇමති නාමල් කරුණරත්න මේ බව කීය.