පළපුරුදු පාලකයන් බංකොලොත් කළ රට නිල වශයෙන් ම මුදා ගත්තා…! – හඳුන්නෙත්ති…

January 27, 2025 at 9:18 am | by emanisa.lk

පළපුරුද්දක් ඇති පාලකයන් බංකොලොත් කළ රට නිළ වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් කරගත් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ පළපුරුද්දක් ඇති අය විකිණීමට දමා තිබූ ජාතික සම්පත් ටික තමන් බේරා ගත් බවයි.

පළපුරුද්දක් ඇති අය විනාශ කළ රට මාස දෙකකින් නැවත නැගිට්ටවා ඇති බව ද ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

තම ආණ්ඩුවට ලැබුණු 2/3 දැවැන්ත බලය රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස වැනි අයෙකුට ලැබිණි නම් ශ්‍රී ලන්කන් ගුවන්සේවය, විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, වරාය ඇතුළු ජාතික සම්පත් ඉතිරි වෙයිදැයි හෙතෙම ප්‍රශ්න කරයි.

ජාතික ජන බලවේග අකුරැස්ස සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කරමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *