කුකුළන්ට හාල් විතරක් කන්න දුන්නොත් කහ මදය සුදු වෙනවා…! – ඇමති වසන්ත සමරසිංහ…

January 25, 2025 at 2:34 pm | by emanisa.lk

මනුෂ්‍ය පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳ රට තුළ නිවැරදි දත්ත නැති බව වෙළඳ, සමුපකාර ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ පවසයි.

සතුන් සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය සම්බන්ධය ද තත්ත්වය එසේම බවත් ඔහු සඳහන් කරයි.

කුකුලන්ට සහල් ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඔවුන්ට සහල් විතරක් කෑමට දුන්නොත් කහ මදය සුදුවන බව පැවසූ ඇමතිවරයා, රජය සතුව මේ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ගබඩාවක් පිහිටුවිය යුතු බවත් පවසයි.

එම නිසා රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වැඩ කරද්දී මේ සියලු කාරණා ගැන සිතිය යුතු බවත් ඇමති වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *