සාර්ථක චීන සංචාරයෙන් විවේචකයෝ කතා කළේ ජනාධිපතිගේ කෝට් එක ගැන විතරයි…! – ටිල්වින්….

January 21, 2025 at 8:09 pm | by emanisa.lk

මේ වන විට ලෝකයම ලංකාව වංචාවෙන් දූෂණයෙන් තොර රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

වංචාවෙන් දූෂණයෙන් පිරුණු රාජ්‍යයකට වංචා දූෂණ නැති රාජ්‍යයක් යන ගෞරවය ලැබීම ම ප්‍රමාණවත් බවත් එය පුරවැසියන්ට ද විශාල ගෞරවයක් බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ නිසා චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ආදී සියලු ම රටවල් ලංකාවට ආයෝජන එවීමට එකඟ වූ බවයි, ටිල්වින් සිල්වා අනාවරණය කළේ.

එහෙත් විවේචකයන් රටට සිදු කරන යහපත වෙනුවට සුළු සුළු අඩුපාඩු දකිමින් ආණ්ඩුව විවේචනය කරන බවට ද ඔහු චෝදනා කරයි.

රටට විශාල වාසි අත් වූ ජනාධිපතිවරයාගේ සාර්ථක චීන සංචාරය ගැන අවසානයේ එම විවේචකයන් කතා කළේ ජනාධිපතිවරයාගේ කෝට් එක පිළිබඳ බව ද ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

කොළඹ පැවැති උත්සව අවස්ථාවක දේශනයක් කරමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *