මාලිමා සියලු මන්ත්‍රී වැටුප් පොදු ගිණුමකට… එම මුදල් මහජන සේවයට…! – නි. ඇමති සුනිල් වටගල…

January 21, 2025 at 1:08 pm | by emanisa.lk
ජනාධිපතිතුමා ඇතුළු ජාතික ජන බලවේග රජයේ සියලුම මන්ත්රීවරුන්ගේ සහ අමාත්යවරුන්ගේ වැටුප් සහ දීමනා අතීතයේ දී මෙන් බොරැල්ලේ තනි ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය සුනිල් වටගල ප්රකාශ කරයි.
නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ කරන ලද මෙම පිළිවෙත ජාතික ජන බලවේගය විසින් දිගටම කරගෙන යන බවත් එම මුදල් මහජන සේවය සඳහා යොදා ගන්නා බවත් සඳහන් කරයි.
විශේෂයෙන් මන්ත්රීවරුන් සඳහා වාහන ආනයනය නොකරන අතර මන්ත්රීවරුන්ට ජනතාවට වැඩ කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය කරන බව ද සුනිල් වටගල වැඩි දුරටත් කීය.
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *