විමල් තනිවම පුංචි ඡන්දෙට… ඉලක්කය මන්ත්‍රි ධුර 100ක්…!

January 20, 2025 at 8:48 am | by emanisa.lk

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගත නොවී ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනි පක්ෂයක් ලෙස තරග කිරීමට තීරණය කරයි.

පළාත් පාලන මැතිවරණයේදී ඒ කිසිදු පක්ෂයක් සමඟ එක් නොවී තනි පක්ෂයක් ලෙස තරගකර අවම වශයෙන් පළාත් පාලන මන්ත්‍රී ධුරය 100 ක් ලබා ගැනීම ජාතික නිදහස් පෙරමුණේ අරමුණ වී තිබේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලය සහ දේශපාලන. සංස්කෘතික. මූලස්ථානය ඊයේ (19) බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ විවෘත කරනු ලැබීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *