ලොව ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් ( TIK TOK) ඇමරිකාවේ භාවිතය තහනම් කිරීමට පැයකට පමණ පෙර එනම් සෙනසුරාදා රාත්‍රියේ ටික්ටොක් ඇමරිකාවේ අක්‍රීය කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.
කෙසේ වුව ද ඒ වන විට ඇමරිකානුවන් මිලියන 170කට අධික පිරිසක් චීන සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික්ටොක් භාවිත කළ බව වාර්තා වෙයි.
මේ අතර ජෝ බයිඩන් පාලනය අවසන් වී ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය නිල වශයෙන් බලයට පත්වීමත් සමග මෙම තත්ත්වයේ වෙනසක් ඇති වනු ඇතැයි ඇතැම් වාර්තා පෙන්වා දෙයි.
චීන සමාජ මාධ්‍ය ජාලයක් නිසා ඇමරිකාව ටික්ටොක් තහනම් කිරීමට කටයුතු කළ ද මේ වන විට ඇමරිකානුවන් තවත් ජනප්‍රිය චීන සමාජ මාධ්‍ය ජාලයක් වෙත ඉතා වේගයෙන් එකතු වෙමින් ඇත.
Xiaohongshu හෙවත් RedNote යනුවෙන් හඳුන්වන මෙම චීන සමාජ මාධ්‍ය ජාලයෙහි පරිශීලකයන් මිලියන 300ක් පමණ ඇතැයි වාර්තා වෙයි.