මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කළ නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්ම කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් අනතුරුව බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් විදුලි ගාස්තු පහළ දැමීමට නිර්දේශ කළේය.
වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසු කිසිදු විදුලි ගාස්තු සංශෝධනයක් නොකළ අතර මෙම වසරේ මුල් මාස හය තුළ කිසිදු විදුලි ගාස්තු සංශෝධනයක් නොකර ඉදිරියට යෑමට මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබිණි.
කෙසේ වුව ද පසුගිය ආණ්ඩුව සමයේ වර්තමාන ආණ්ඩු නායකයන් අවධාරණය කළේ තමන් බලයට පත්ව ඉතාම කෙටි කාලයක් තුළ විදුලි බිල 1/3කින් පහත දමන බවයි.
මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අවධාරණය කළේ, බලයට පත්වූ වහා විදුලි බිල සංශෝධනය කරන බවක් තමන් ප්‍රකාශ නොකළ අතර වසර තුනක් ඇතුළත විදුලි බිල අඩු කරන බවයි.
පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පෙන්වා දුන්නේ පුනර්ජනනීය බලශක්තිය විදුලි පද්ධතියට එකතු කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තුව 1/3කින් අඩු කරන බවයි.