පුරාවිද්‍යා භූමි ගල්කොරිවලට විකිණූ නරුමයන්ට ඉහළ තනතුරු….!

January 16, 2025 at 11:13 am | by emanisa.lk

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවරට සහ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂවරුන්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා පත්කර එවා ඇත්තේ පුරාවස්තු සංහාරය සහ රාජකාරිය අවභාවිත කිරීම පිළිබඳව චෝදනා ලද දූෂිත පුද්ගලයන් දෙදෙනෙකු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

පුරාවස්තු සහිත පුරාණ පුරාවිද්‍යා ස්ථාන ගල් කොරිකාරයන්ගෙන් අල්ලස් රැගෙන ඔවුන් වෙත එම භූමි ගල් කැඩීම සඳහා නිදහස් කිරීම, දීඝවාපී ස්ථූපයට යෙදවූ වාහන සඳහා මුදල් නොගෙවා එම මුදල් වංචා කිරීම, නිරන්තර විනය විරෝධී ක්‍රියා සඳහා දඬුවම් ලැබීම, කාන්තා අතවර සම්බන්ධව මින් එක් නිලධාරියෙකුට චෝදනා එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය පරීක්ෂණ ද සිදු කර තිබේ.

අනෙක් නිලධාරියා පුරාවිද්‍යා භූමියකට ගත නොගතයුතු පුද්ගලයෙක් ලෙස හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිඛිතව දැන්වීමෙන් අනතුරුව වැඩ අත්හිටුවූ නිලධාරියෙකි. මෙම සුගලා දේවිය සම්බන්ධ ප්‍රවාදයක් ද සහිත දැවැන්ත පුරාවිද්‍යා ස්ථානයක් වූ පළුදෙණිය පුරාවිද්‍යා භූමිය කළුගල් කොරියකට පැවරීම සඳහා අල්ලස් ලබා ගත් බවට චෝදනා ලද කුප්‍රකට නිලධාරීන් අතර සිටි පුද්ගලයෙකි.

එමෙන් ම, මේ වන විට පොළොන්නරුවට පත් කර එවා ඇති එක් නිලධාරිනියක් ද අන්ත දූෂිත සහ වගකීම් රහිත ක්‍රියාකලාපය හේතුවෙන් අම්පාර සිට පොළොන්නරුවට ස්ථාන මාරුකර එවූ තැනැත්තියක් බව පුරාවිද්‍යා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇයට එල්ල වූ චෝදනා සම්බන්ධව විනය පරීක්ෂණයක් පවත්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *