පසුගිය රජය සමයේ අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් දෙවරක් ලබා දුන්නේ රතු කැකුළු බවට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ නඟන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
“පසුගිය ආණ්ඩුව මේ රටේ නැති බැරි ජනතාවට හාල් කිලෝ 10 බැගින් දෙවරක් බෙදද්දි බෙදුවේ රතු කැකුළු විතරක් නෙමෙයි. මම මගේ දිස්ත්‍රික්කය (කළුතර) භාරව සිටි දිස්ත්‍රික්ක කමිටු ප්‍රධානියා.
අපේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14ටම බෙදුවේ රතු කැකුළු නෙමෙයි. වසන්ත සමරසිංහට අහන්න පුළුවන් නලින්ද ජයතිස්සගෙන් මදුරාවලට බෙදුවේ රතු කැකුළු ද කියලා.
ප්‍රශ්නයක් තේරුම් ගන්න බැරි ප්‍රශ්නයකට උත්තරයක් හොයා ගන්න බැරි මිනිස්සු නටන නාඩගම දිහා අපි බලා ඉන්නවා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංජීව එදිරිමාන්න මේ බව කීය.