පොංගල් බතට රතු හාල් නැති වුණේ හිටපු පාලකයන්ට මොළයක් නැති නිසායි…! – ඇමති වසන්ත සමරසිංහ…

January 14, 2025 at 7:58 pm | by emanisa.lk

රටේ රතු සහල් හිඟයක් ඇති බව සහ ඇතැම් ප්‍රෙද්ශවල කිලෝව රු. 290-300ට අලෙවි වන බව දැන ගන්නට ලැබෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

2024 පැවති ආණ්ඩුවේ අමනෝඥ තීන්දු නොවන්නට 2025 තෛපොංගල් බත උයා ගන්නට රතු සහල් නොමැති වීමට කිසිදු හේතුවක් නොමැති බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ජනතාවට රතු සහල් ලබා දීමට ආණ්ඩුව සියලු උත්සාහයන් ගත් අතර ඉන්දියාවෙන් පවා සහල් ආනයනයට ටෙන්ඩර් දැමූ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

2024 ජනාධිපතිවරණයට පෙර ඔබේ නිවසටත් රතු සහල් කිලෝ 20ක් ලැබුණු බවත් රතු සහල් නොකන අයට ද බෙදා දුන් විට රතු සහල් හිඟයක් ඇති විය හැකි බව එවක පාලකයන්ගේ ඔළුගෙඩිවල මොළ තිබිණි නම් අවබෝධ කරගත හැකිව පැවති බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *