නව ආණ්ඩුව කෙරෙහි රටේ ජනතාව දහසක් බලාපොරොත්තු දල්වා ගෙන සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනි සමන්මලී ගුණසිංහ පවසයි.
ජනතා මුහුණවල පවා එම සතුට එම වෙනස දැකගත හැකි බවයි, මන්ත්රීවරිය පෙන්වා දෙන්නේ.
ජනතාව ඒකරාශී වී ඇත්තේ අද ප්රශ්න විසඳා ගැනීමේ බලාපොරොත්තුවකින් නොව හෙට දවසේ ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව දේශපාලන අනාථයන්ට දැනුම් දෙන බව ද සමන්මලී ගුණසිංහ අවධාරණය කරයි.