රේගුවේ පවතින බහාලුම් තදබදය ඉවත් කර ගැනීම සඳහා රේගු නිලධාරීන් පැය 24 පුරා සේවය ලබාදීමට කටයුතු කළත් බහලුම් රථ රියැදුරන්, වාප්පු ලිපිකරුවන් සහ රජයේ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගෙන් ඊට නිසි සහයක් නොලැබුණු බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව පවසයි.
පැවැති දින හතරක නිවාඩුව තුළ අඛණ්ඩව සේවය ලබාදීමට රේගු නිලධාරීන් එකඟ වී කටයුතු කළත් පරිපාලන නිලධාරීන් එම දිනවල නිවාඩු ලබා ගැනීම බහලුම් රථ රියැදුරන් සහ වාප්පු ලිපිකරුවන් රාත්‍රී 9.00න් පසුව නොපැමිණීම ඇතුළු ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුව තිබූ බව ද ඔහු සඳහන් කරයි.
බහලුම් රථ හිමියන් සහ වාප්පු නිලධාරී සංගම් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට එළැඹ මාධ්‍යයට අදහස් දැක්වුවද ඔවුන්ගේ එකඟතාවන් සාර්ථක කර ගැනීමට සාමාජිකයන්ගේ සහාය නොලැබෙන තත්ත්වයක් ඇතැයි ද ඔහු කීය.
උදාහරණ ලෙස බහලුම් රථ ලියාපදිංචි කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියත් 4000ක් පමණ බහලුම් රථවලින් 200ක් පමණ ඒ සඳහා සහාය ලබාදුන් බවත් අනෙක් බහලුම් රථවලින් එයට සහායක් නොලැබුණු බවත් ඔහු පෙන්වා දුන්නේය.