සහල් ආනයනය කිරීමට යළි කටයුතු නොකරන බව වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසයි.
අද (11) ලුණුගම්වෙහෙර, පන්නෙගමුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, මෙරටට සහල් ආනයනය කිරීමේ චක්‍රලේඛය තව දුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකරන බවයි.
සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.