ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකුට රජය විසින් ලබා දී ඇති බව කියන කැබ් රථයකින් තණකොළ ප්රවාහනය කරන පින්තුර පෙලක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.
ඔහු බදුල්ල දිස්ත්රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තුව මන්ත්රීවරයකු බවද සටහන්වල පළවෙයි. ගොවිපළක සිටින ගවයන් සඳහා මෙම තණකොළ ප්රවාහනය කරන බවද එම වාර්තාවල දැක්වෙයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වාහන බලපත්ර නිකුත් නොකර ඒ වෙනුවට රජය විසින් නඩත්තු කරන වාහනයක් ලබා දීමට සැලසුම් කර ඇත.
මෙතෙක් එය නිල වශයෙන් ක්රියාත්මක නැතත් ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්රීවරුනට කිසියම් හෝ ක්රමයකට වාහන නිදහස් කිරීමක් සිදු කර තිබේ.
මෙලෙස තනකොල ඇදීමට භාවිත කර ඇත්තේ එලෙස මන්ත්රීවරයාට ලබා දුන් රජයේ වාහනයක් බව එම වාර්තාවල දැක්වෙයි.