සතොස ආයතනයේ සේවය කරන නිලධාරිනියකට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නිර්දේශ කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ නිකුත් කළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.
එහි සඳහන් වන්නේ අනුරාධපුර ස්ථිර පදිංචි පුත්තලමේ සතොස ආයතනයක සේවය කරන නිලධාරිනියකට අනුරාධපුර කලාපයට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසයි.
පසුගිය ආණ්ඩු සමයෙහි දේශපාලනඥයන් රාජ්‍ය සේවයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම් සිදුකරන බවට බරපතළ විවේචනයක යෙදුණු ජාතික ජන බලවේගය බලයට පත්ව මෙලෙස කටයුතු කිරීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.
පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඇමති නලින්ද ජයතිස්සට මෙම චෝදනාව එල්ල කොට තිබිණි.