මිලියන 500ක් ඡන්දෙට දුන්නා… ජාතික ලැයිස්තු මන්ත්‍රීකම කෝ…! – මහමෝල්කරු පක්ෂ මූලස්ථානට පැන යකා නටයි…

January 10, 2025 at 1:21 pm | by emanisa.lk

ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක මූලස්ථානයට ආසන්න දිනක පැමිණි ප්‍රසිද්ධ සහල් මෝල හිමියකු එහි සෙවකයන්ට පවා බැන වදිමින් කාර්යාලය දෙවනත් කර ඇති බව වාර්තා වෙයි.

ගිය ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණය වෙනුවෙන් පක්ශයට රුපියල් මිලියන 500ක පමණ මුදලක් තමන් වියදම් කළ ඔහු පවසා තිබේ.

එම මුදල් පක්ෂ නායකයාටත් මැතිවරණ කටයුතු මෙහෙයවන අයෙකුටත් ලබා දුන් බවත් හෙතෙම සඳහන් කර ඇත.

එහෙත් තමනට පොරොන්දු වු පරිදි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා නොදුන් බව පවසමින් ඔහු මෙසේ බැණ වැදී ඇත.

එහි සිටි නිලධාරින් පවසා ඇත්තේ ඒ සම්බන්ධව පක්‍ෂ නායකත්වය හා මුදල් ලබා දුන් අය සමග කතා කරගන්නා ලෙසත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *