රතු කැකුළු හාල් ලංකාවේ තියා ඉන්දියාවෙත් නෑ… තිබ්බා නම් ගෙනැත් දෙනවා…! – ඇමති වසන්ත සමරසිංහ…

January 9, 2025 at 7:34 pm | by emanisa.lk

මෙරට වසරක සහල් අවශ්‍යතාව ටොන් 24ක් වන අතර කන්න දෙකට සහල් ටොන් ලක්ෂ 29ක් නිෂ්පාදනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ පවසයි.

ඒ අනුව රටේ සහල් අතිරික්තයක් තිබිය යුතු වුව ද මාස එකහමාරක් කෑමට රටේ සහල් නොමැති බවයි, ඇමතිවරයා සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයා රතු කැකුළු හාල් නොකන පිරිසට ද කිලෝ 20 බැගින් බෙදීම නිසා දකුණේ රතු සහල් හිඟයක් පැමිණි බව ද ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් රතු කැකුළු ගෙන ඒමට උත්සාහ කළ ද එරට රතු කැකුළු නොමැති බව ද ඇමති මහින්ද සමරසිංහ සඳහන් කරයි.

අද (09) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *