උත්සවේට ලක්ෂ 70යි… සංගීත්ට ලක්ෂ 2යි… සිංදුව හදන්න ලක්ෂ 8යි.. චෙක් එක ලියාගන්න බැරිව කෙඳිරිගානවා….! – චාමර ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් කරයි…

January 9, 2025 at 6:27 pm | by emanisa.lk

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවය සඳහා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රු. ලක්ෂ 70ක් වියදම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අමරසූරිය පවසයි.

“ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනේ තේමා ගීතය ගායනා කළ සංගීත් වික්‍රමසිංහට රු. ලක්ෂ 2යි. ගීතය හදන්න ලක්ෂ 8යි. වෙබ් සයිට් එකට ලක්ෂ 21යි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ වාඩි කරවන්න රු. 15 000 ගානේ මොඩල්ස්ලා ගෙනැල්ලා තියෙනවා.

මේ විදිහට නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර ලක්ෂ 70ක් උත්සවේට වියදම් කරලා.

ජනාධිපති ලේකම් කාර්යාලයට පුළුවන් නම් නෑ කියන්න. මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙනවා.

දැන් ලක්ෂ 70 චෙක් එක ජනාධිපති කාර්යාලේ ගිණුම් අංශයෙන් චෙක් එක ලියන්නේ නෑ. ආණ්ඩුවට චෙක් එක ලියා ගන්න බෑ. නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරලා නෑ. ඔයාලට ලක්ෂ 70 ගෙවන්න වෙන්නේ පැලවත්ත කාර්යාලෙන්.”

අද (09) පාර්ලිමේන්තුවේ දී ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ විවාදයට එකතු වෙමින් චාමර සම්පත් අමරසූරිය මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *