කොට්ටහච්චිගේ ප්‍රේම කිරීමේ අයිතියට අත නොතබනු… අනෙක් අයට ඒවා වැඩක් නෑ.. එයාගේ ගෙදර අය ඒ ගැන බලයි..!- ඇමති ලාල්කාන්ත….

January 5, 2025 at 12:09 pm | by emanisa.lk

පෙම්වතුන්ට ආදරය කිරීමට ඉඩ දිය යුතු අතර අනෙක් අය ඒ ගැන කරදර අවශ්‍යතාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පවසයි.

උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්ගෙන් නිලන්ති කොට්ටහච්චිගේ නඩුවකට අදාළව සිය සගයාගෙන් එල්ල වන බලපෑම් පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මගේ දියණිය කැනඩාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන බවට සමාජ මාධ්‍ය විසින් කතාවක් ගෙතුවා. ඒ වෙලාවේ රාජ්‍ය මාධ්‍ය පවා ඔය ප්‍රවෘත්තිය හැදුවා.

මමත් මගේ දුවත් මේ ප්‍රවෘත්තිය බල බල හිටියෙ. මමත් නොදැන මට කැනඩාවේ දුවෙක් ඉන්නවාද කියලා සොයා බැලිය යුතුයි.

කොට්ටහච්චි සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම්. එතකොට අනිත් අය කලබල කරන්නේ ඇයි? එයාගේ ගෙදර අයනෙ ඒ ගැන බලන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *