මාලිමාණ්ඩුවෙන් අලි මිනිස් ගැටුමටත් විසඳුම්… හුංගමාල ඔය අලිමංක යළි අලින්ට…! නිවාස නි. ඇමති…

December 30, 2024 at 8:11 pm | by emanisa.lk

මාදුරුඔය සිට වස්ගමුව වනෝද්‍යානය දක්වා අලිමංකඩ සහ රක්ෂිතවල දේශපාලනඥයන් වගා කිරීමට ලබා දුන් ඉඩම් වහාම පවරා ගන්නා බව නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසයි.

හුංගමාල ඔය අලිමංකඩ යළි සක්‍රීය කොට අලින්ට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව සලසන ලෙස ද මහවැලි නිලධාරීන්ට සසහ වනජීවී නිලධාරීන්ට හෙතෙම උපදෙස් ලබා දුන්නේය.

අනවසර වගා බීම් නිසා අලිමංකඩ ඇහිරී ඇති බවත් වනජීවි නිලධාරීන් පෙන්වා දෙන ආකාරයට ඒ සඳහා අවම වශයෙන් මීටර 500ක භූමි ප්‍රමාණයක් අවශ්‍ය බව ද ඇමතිවරයා එහි දී පෙන්වා දුන්නේය.

මහවැලි සී සහ බී කලාපවල උග්‍රව පවතින අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීම සඳහා පල්ලේගම ප්‍රජා ශාලාවේ පැවැති රැස්වීමකට එකතු වෙමින් නි. ඇමති ටී.බී. සරත් මෙම උපදෙස් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *