මිරිස් කුඩු ගසාගත් පාර්ලිමේන්තුවක් යාන්තම් ශිලාචාර කළ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ දැන් ඕනෑම දරුවෙකුට මහජන ගැලරියේ සිට නැරඹිය හැකි පාර්ලිමේන්තුවක් හදා දී ඇති බවයි.
වර්තමාන ආණ්ඩුවේ අරමුණ තමන් හා සම මිනිසුන් නොව තමන් ඉක්මවා ගිය මිනිසුන් නිර්මාණය කිරීම බව ද සුනිල් වටගල අවධාරණය කරයි.
උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව කීය.