ඉතිහාසේ ලොකුම හාල් බද්ද ගැහුවේ මාලිමාණ්ඩුව… කිසිම ආණ්ඩුවක් රු. 10ට වඩා බදු ගහලා නෑ…! – මුජිබර් රහුමාන්….

December 29, 2024 at 6:39 pm | by emanisa.lk

ආණ්ඩුව ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නේ කිලෝව රු. 150ට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

එම මිලට ගෙන එන සහල් කිලෝවක් සඳහා ආණ්ඩුව රු.65ක බද්දක් පනවා සහල් කිලෝවක උපරිම මිල රු. 230ක් කොට ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය ආණ්ඩු ද හිඟයක් ඇති වූ විට සහල් ආනයනය කොට රුපියල දෙකක නැත්නම් උපරිම රු. 10ක බද්දක් යටතේ සහන මිලට ජනතාවට සහල් දුන් බව ද මුජිබර් රාහුමාන් ප්‍රකාශ කරයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට සහල් කිලෝවක් සඳහා රු. 65ක බද්දක් නැත්නම් 45%ක බද්දක් ගැසූවේ ජාතික ජන බලවේග ආණ්ඩුව බවට ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *