ඊළඟ සුනාමිය එන්නේ රාජ්‍ය සේවයට විරුද්ධව….! – ඇමති ලාල්කාන්ත..

December 28, 2024 at 10:54 am | by emanisa.lk

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඊයේ (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙරට ජනතාව විසින් අදූරදර්ශී දේශපාලනය ඉවත් කරලීමට අවශ්‍ය කරන දේශපාලනික සුනාමි මැතිවරණය මගින් ලබා දුන් බවත් රාජ්‍ය සේවයේ පවතින දෝෂ හේතුවෙන් ඉදිරියේ දී රාජ්‍ය සේවයට එරෙහිව ද සුනාමියක් ඒමේ ප්‍රවණතාවක් ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

එහෙයින් ජනතා අපේක්ෂාවන් සාර්ථකව කඩිනමින් අවසන් කළ හැකි රාජ්‍ය සේවයක් අවශ්‍ය බැවින් එය ඉටු කිරීමට කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයින්ට රජයේ ගෞරවය සහ සහාය හිමිවන බව ඇමති ලාල්කාන්ත සඳහන් කරයි.

එසේ නොමැති වුවහොත් වැඩ කරන ජනතාව වෙනුවෙන් ඡන්දය දුන් බව නොසලකා ම රාජ්‍ය සේවය අවශ්‍ය පරිදි සේවා සැපයිය හැකි ස්ථානයක් කරලීමට අවශ්‍ය ඕනෑම උත්සාහයක් ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී තව දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *