ජනාධිපති අනුර දිසානායක මහතා සහල් මෝල් හිමියන් කැඳවා පාලන මිලට සහල් ලබා දිය යුතු බව පවසා මේසයට ගැසූ එක පහරින් එම පාලන මිල රු. 10කින් ඉහළ ගිය බව පොදුජන පෙරමුණු පරිපාලන ලේකම් රේණුක පෙරේරා පවසයි.
අනතුරුව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව යටතේ සහල් මෙට්‍රික් ටොන් 70 000ක් ආනයනය කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද එම නැව මුහුදේ කැළඹිල්ලකට හසුව පමා වන බව එහි සභාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
රජය ගෙන්වන සහල් නැව මෙලෙස මුහුදේ කැළඹිල්ලකට හසුව ප්‍රමාද වුව ද පෞද්ගලික අංශයේ නැව් කැළඹිල්ලට හසු නොවී සහල් මෙට්‍රික් ටොන් 67 000ක් ආනයනය කොට ඇති බව ද රේණුක පෙරේරා සඳහන් කරයි.
එම පක්ෂ මූලස්ථානයේ දී අද (27) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.