රුහුණ කුලපති අගමැතිනියට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට…!

December 26, 2024 at 3:49 pm | by emanisa.lk

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ කටයුතු කරන අතර නිසි බලධරයෙකු පත්කිරීමට විරෝධය පළ කරමින් මෙම පෙත්සම ගෙනු කර ඇත.

මෙම පෙත්සමෙන් පෙන්වා දෙන්නේ තමන් ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ආසන්නයේ දේශපාලන අවශ්‍යතාවක් මත මෙය සිදුව ඇති බවයි.

එමෙන්ම උපකුලපති දුරයට නිසි බලධරයකු පත් කිරීමේදී ක‍්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇති බව ද පවසන ඔහු මෙය දේශපාලන පළිගැනීමක් බව ද කියා සිටියි.

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අගමැතිනි හරිනි අමරසූරිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේදනය මෙහි වග උත්තරකරුවන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *