රන්වලට මොරටුවේ මූලික උපාධියවත් නෑ… උපාධිය තිබ්බා නම් ඔහු පිරිපහදුවේ රසායන විද්‍යාඥයා… කාර්මික නිලධාරියෙක් නෙමෙයි…!

December 24, 2024 at 7:17 pm | by emanisa.lk

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා උපාධිධාරියෙකු නොවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

හිටපු ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඔහු රසායන විද්‍යා උපාධිධාරියෙකු නම් ඔරුගොඩවත්ත තෙල් පිරිපහදුවේ සේවය කරන්නේ කාර්මික නිලධාරියකු ලෙස නොව රසායන විද්‍යාඥයකු ලෙස බවයි.

මොරටුව විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ ඒ ඒ වසරවල උපාධිධාරීන්ගේ නාම ලේඛනය ඇති බව ද ඔහු සඳහන් කරයි.

මේ රට මෝඩයන් රැලක් පාලනය කරන බවත් පාලනය උගත් බුද්ධිමත් පිරිසකට ලබා දිය යුතු බව පවසා බොරු උපාධි පෙන්වා ජනතාව රැවටීම වරදක් බවත් පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *