රූපවාහිනී සංස්ථා සභාපති මාස තුනෙන් ඉල්ලා අස්වෙයි…!

December 24, 2024 at 5:30 pm | by emanisa.lk

රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම පත්කිරීම සිදුකළේ පසුගිය සැප්තැම්බර් 25 වන දිනය.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු, තිරරචකයකු, මාධ්‍යවේදියකු මෙන්ම කතුවරයකු ද වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *