මාලිමාණ්ඩුව ආව විතරයි පාතාළයත් නිහඬයි… දැන් මහින්දගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ…!

December 24, 2024 at 2:58 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමත් සමග පාතාළය විසින් මහ පාරේ එකිනෙකා වෙඩි තබා මරා දැමීම නතර වී ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

විශ්‍රාමික ජනාධිපතිවරුන් මහජන ධනයෙන් නඩත්තු කළ යුතු ද යන ප්‍රශ්නය රට ඉදිරියේ ඇති බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

සිය ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කොට නොමැති බවත් මහජන අනුකම්පාව දිනා ගෙන අනාථ දේශපාලන පක්ෂ ගොඩනැඟීම සඳහා ඔහුගේ ගෝලබලයන් මතවාද ගොඩනඟන බවත් දේවානන්ද සුරවීර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *