හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට එක සමාන ආරක්ෂාවක් ලබා දීමට පදනම් කරගත් බුද්ධි අංශ වාර්තා මොනවා දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රශ්න කරයි.
වසර 30ක් තිස්සේ මේ රට වෙළාගත් යුද්ධයට විනාඩි 05කට කෝටි 05ක වියදමක් දැරූ බවත් එම යුද්ධය අවසන් කළ නායකයාගේ ආරක්ෂාව වියදම ඉදිරියට දමා අහිමි කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.
වර්තමාන ආණ්ඩුව මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කර පාතාළ නායකයන්ට STF වාහන දෙකක් ලබා දී ඇති බවට ද ඩී.වී. චානක චෝදනා කරයි.
අද (22) පාර්ලිමේන්තුව අමතමින් ඩී.වී. චානක මේ බව කීය.