මාස 11ට ජනාධිපති අරමුදලින් කෝටි 300ක් බෙදලා…!

December 22, 2024 at 10:15 am | by emanisa.lk

මෙම වසරේ ජනවාරි 01 දා සිට නොවැම්බර් මස 30 දා දක්වා ගතවූ මාස 11 ක කාලය තුළ ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 300ක් පමණ ආධාර වශයෙන් විවිධ තැනැත්තන්ට ලබා දී ඇත.

බ්‍රිතාන්‍ය BBC ගුවන්විදුලිය සඳහන් කරන පරිදි මෙලෙස ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 58 ක්ම වැයකර ඇත්තේ විවිධ තැනැත්තන්ගේ වෛද්‍ය ආධාර වෙනුවෙනි. අපොස උසස් පෙළ ශිෂ්‍යාධාර ලෙස රුපියල් කෝටි 32 ක්ද මහපොළ ශිෂ්‍යාධාර ලෙස රුපියල් කෝටි 16 ක්ද තරුණ දරුවන්ගේ සුබසාධනයට රුපියල් කෝටි 15 ක්ද භික්ෂු අධ්‍යාපනයට රුපියල් කෝටි 3 ක්ද ආදී වශයෙන් සෙසු වියදම් දරා ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූයේ පැවැති රජයන් යටතේ මැති ඇමැතිවරුන් රුපියල් කෝටි ගණනක මුදල් ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලෙස ලබාගෙන ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *